Spread the love

අණ පනත් හරහා සමාජ මාධ්‍ය මර්ධනයට උත්සාහ කිරීම තුළ ඇතැම් ව්‍යාපාර බිඳ වැටීමට ලක්විය හැකි බව ‘නිදහස සුරකින්නෝ’ සංවිධානය පවසයි.

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති චිරන්ත අමරසිංහ සඳහන් කළේ, එලෙස සමාජ මාධ්‍ය නියාමනයට කටයුතු කළහොත්, අදාළ සමාජ මාධ්‍ය ජාලා ලංකාවෙන් ඉවත්වීමට පවා හැකියාව ඇති බවයි.

සමාජ මාධ්‍ය හරහා දියුණු වෙමින් පවතින ස්වයං රැකියා සහ ව්‍යාපාර රැසක් ඇති බවත්, මෙලෙස සමාජ මාධ්‍ය නියාමනයට කටයුතු කිරීම තුළින් පරිශීලකයන් ඒවායින් ඉවත්වීම හරහා අදාළ ව්‍යාපාර බිඳ වැටීමට ලක්විය හැකි බවද ඔහු පෙන්වා දෙයි