Spread the love

ලෝකයේ සමාජවාදී කඳවුර බිඳ වැටී ඇති මොහොතක තම දේශපාලන ව්‍යාපාරයට දවසින් දවස උපක්‍රම වෙනස් කරගෙන වැඩ කරන්නට සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

සමාජවාදී රටවල් ලෝකයේ කිහිපයක් පැවතුනද ඒවා ආධ්‍යාත්මය පැත්තෙන් ලෝකයට බලපෑමක් නොකරන බවත් හෙතෙම පවසයි.

එනිසා සෑම විටම පවතින තත්ත්වය විග්‍රහ කරගෙන ඒ තත්ත්වයට උපක්‍රම හදාගෙන එම තත්ත්වයත් වෙනස් වුවහොත් තමන් හදන ලද වැඩපිළිවෙළද පැත්තකට දමා අලුත් තත්ත්වයට අළුත් එකක් හදන්නට සිදුවන බවත් තම දේශපාලනය එය බවත් ඔහු සඳහන් කළේය.

ලෙනින් ගුණ සමරුවක් අමුතුවෙන් ඔහු මෙම අදහස් පළ කරන ලදී.