ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2024 සමලිංගික ව්වාහ නීතීගත කිරීමේ පනත මගින් රටේ බෞද්ධගම කේන්ද්‍ර කරගත් සංස්කෘතියට සිදුකරන හානිකර බලපෑම ගැන හිටපු අමාත්‍ය මර්ව්න් සිල්වා පසුගිය මල්වතු අස්ගිරි මහනාහිමියන් මුනගැසි දැනුවත් කිරිම සිදුකරන ලදි.
ජුලි 23 ආරම්භ වන පාර්ලිමේන්තු සැසියේදි මෙම 2024 සමලිංගික ව්වාහ නිතීගත කිරිමේ පනත ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පා.ම ප්‍රේමනාත් සී දොලවත්ත ව්සින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මර්ව්න් සිල්වා මහාතා පැවසීය.
2024 සමලිංගික ව්වාහ නීතීගත කිරීමේ පනත ගැන ව්පක්ෂයේ කිසිදු දේශපාලනඥයෙකු තම අදහස් ඉදිරිපත් නොකරන්නේ බටහිර රටවල තානාපති කාර්යාල වලින් සහා රාජ්‍ය නොවන සංවිධාන මගින් එල්ල වන බලපෑම් නිසාදෑයි සැකසහිත බවත් හෙතෙම සදහන් කරයි.
මෙම සමලිංගික ව්වාහ පනත පාර්ලිමේන්තුවේ සම්මත උවහොත් පිරිමි පිරිමි, ගැහැණු ගැහැණු සබදතා ඇති වී රටේ අනාගත දරු උපත් වර්ධනය අඩුවීම ඇතුලු සමාජීය ගැටලු රැසක් පැනනගින බව හිටපු අමාත්‍ය මර්ව්න් සිල්වා පැවසීය.