Spread the love

මන්නාරම උතුර , කිරන්චි මුහුදු ප්‍රදේශයේදී සිදුකල සෝදිසි මෙහෙයුමකදී රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් සොයාගත් බවට නාවික හමුදව පැවසීය.

උතුරුමැද නාවක විධානය විසින් කිරන්චි මුහුදු ප්‍රදේශයේ සිදුකල ක්ෂණික සෝදිසියකදී සැකකටයුතු පාර්සල් දෙකක් පවෙමින් තිබියදී සොයාගනු ලැබීය.

පසුව අදාල පාර්සල් දෙක පරික්ෂා කිරීමේදී ඒ තුල තිබී සබන්, ෂැම්පු සහ රූපලාවන්‍ය ආලේපන හා දව්‍ය තොගයක් නාවික හමුද නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

වැඩිදුර පරික්ෂා කිරීමේදී ඉන්දි‌යාවේ නිශ්පාදිත ෂැම්පු පැකට් 3200 ක්, රූපලාවන්‍ය සබන් වර්ග 75 ක් , රූපලාවන්‍ය ආලේපන 376 ක් ඇතුලු තවත් රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් සොයාගනු ලැබීය.

මෙම රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයන් ජාවාරම් කරුවන් විසින් ඉන්දියාවේ සිට නීතිවිරෝධීව ඉතා රහසිගතව මුහුදු මර්ගයෙන් මන්නාරමට රැගෙන එන්නට ඇති බවටත් නාවික හමුදාව දැක ජාවාරම් කරුවන් විසින් එම ද්‍රව්‍ය මුහුදේ දමා පලායන්නට ඇතැයිද නාවික හමුදාව සැක පල කර සිටියි.

සොයාගත් රූපලාවන්‍ය තොගයන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම ජයපුරම් පොලිස් ස්ථානය වෙතට ලබා දීමට පියවර ගත් බවටද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.