Spread the love


නිමල් රාජපක්ෂ-

සප්ත කන්‍යා ගුවන් අනතුරට පසුගිය 5 වැනිදාට වසර පනහක් සපිරෙයි. එම අනතුරින් ගුවන් මගින් 191 ක් මියගියේය. අදාල මගින් මාටින්එයා ගුවන් සේවයේ 138
දරණ ගුවන් යානයෙන් හජ්ජි උත්සවය සැමරීමට යමින් සිටි ඉන්දුනීසියානු මගින් මෙසේ මියගොස් තිබිණ,
සප්ත කන්‍යා කදුවැටිය පාමුල සිදුවු ගුවන් සිදුවු ගුවන් අනතුරට වසර 50ක් පිරිම නිමිත්තෙන් අනතුරින් මියගිය පිරිස සිහිකරමින් අනුමස්මරණ උත්සවයක් පසුගියදා (05) අඹගමුව සප්ත කන්‍යාකදුවැටිය පාමුල ඇති ස්මාරකය අභියසදි මෙරට ඉන්දුසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටොබින් (Dewi Gustina Tobing) මහත්මිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

මාටින්එයා ගුවන් සේවයේ 138 ගුවන් යානය 1974 දෙසැම්බර් 4 දින ශ්‍රී ලංකාවේ සප්ත කන්‍යා කඳු වැටියේ ගැටී විනාශයට පත් වු අතර එය ඉන්දුනීසියාවේ සුරාබයා සිට කොළඹට එමින් තිබු මැක්ඩොනල් ඩග්ලස් DC-8-55CF යානය මෙමඅනතුරට පත්වු අතර මෙම අනතුරින් යානයේ සිටි මගීන් 191ක් සිටි අතර හජ්ජි සැමරීමට මක්කම බලා ගමන්ගනිමින් සිටි ඉන්දුනීසියානු මගීන් 182ක් සහ කාර්ය මණ්ඩලයේ 9දෙනා මෙහිදි මරණයට පත් වූහ.
මෙම පිරිස සිහි කිරිම සදහා ඉන්දුනිසායනු රජය විසින් සප්තකන්‍යා කදුවැටිය පාමුල ස්මාරකය ඉදිකළේය.

එම ගුවන් අනතුර සිදු වි දැනට වසර පනහක් සපිරෙන මෙම වසරේදි එයට පුර්වගාමි වැඩසටහනක් ලෙස පැවකි මෙම සංචාරය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥය ලලිත් යු ගමගේ මහතාගේ ආරාධනාවක් අනුව ඉන්දුනිසියානු තනාපතිනිය එම ස්මාරකය වෙත පැමිණ පුෂ්පෝපහාර දක්වමින් ඉටි පන්දම් දල්වා මිය ගිය අය සිහි කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රැකිණ.