Spread the love

පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් නොසන්සන්සුන් තාවයක් හේතුවෙන් සභාව විනාඩි කිහිපයකට කල් තැබීබීමට කතානායන මහින්ද යාපා අබේවර්ධන මහතා අද කටයුතු කළේය.

ඒ ස්ථාවර නියෝග යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසන ලද ප්‍රශ්නයක් හේතුවෙන් ඇතිවූ උණුසුම් තත්වයක් මතයි.

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන අය ආර්ථිකයට කළ විනාශයට පාඩුව ඔවුන්ගෙන් අයකරගත යුතු බවද විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී පැවසූ අතර ආර්ථිකය බංකොලොත් කළ ඔවුන් රාජ්‍ය අනුග්‍රහය යටතේ ජීවත් වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළේය.

ඒ සමගම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කෑකෝ ගැසීමට පටන් ගැනීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් විපක්ෂ නායකවරයා දෙසට ගමන් කළේය.

ඉන් අනතුරුව සභා කල් තැබීමට කතානායකවරයා කටයුතු කළේය.