Spread the love

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාත් ඔහුගේ ආරක්ෂක නිලධාරියාට මරණයට පත් කරමින් පසුගිය බ්‍රහස්පතින්දා කටුනායක අධිවේගී මාර්ගයේදී සිදුවී ඇති අනතුරුට තුන්වන වාහනයක සම්බන්ධයක් තිබේදැයි පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

අනතුරට ලක් වූ වාහන දෙකේම රියදුරන් තුන්වෙනි වාහනයක් ගැන සඳහන් කර ඇති බැවින් ඒ පිළිබඳව වාර්තා කිරීමට අධිවේගී මාර්ග කොට්ඨාසයට උපදෙස් දී තිබේ.

අධික වේගයෙන් රිය පැදවීම, දුර්වල වීදි ආලෝකය, නොසැලකිලිමත්කම, තුන්වන වාහනකට ඉඩ දීමට අසමත් වීම ඇතුළු සාධකවල එකතුවක් ලෙස මෙම අනතුරට සිදුව ඇති බව දැනට කර සිදුකරන ඇති පරීක්ෂණ අනුව හෙළි වී තිබේ.

අදාළ අනතුර සිදුවන අවස්ථාවේ වාහනය පැයට කිලෝමීටර් එකසිය පනහක පමණ වේගයෙන් ධාවනය වී ඇති බවත් ඇමතියවරයා ඉක්මනින්ම නිවසට යාමට වුවමනාවෙන් සිටි බවත් ඔහුගේ රියදුරා පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබේ.

තමන් වම් පසින් අනෙක් මෝටර් රථය ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් කන්ටේනරය දුටු නමුත් බියෙන් වාහනය දකුණු පස මාර්ගයට ගෙන ඒමට නොහැකි වූ බවත් සඳහන් කර තිබේ.

එය අනුව මෙම අනතුර සිදුවූ බවත් ඔහු සදහන් කර ඇත.