Spread the love

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රථයේ රියදුරු වන 28 හැවිරිදි ප්‍රභාත් එරංග නැමැත්තා වැලිසර මහෙස්ත්‍රාත්වරයා විසින් ලබන පෙබරවාරි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝක කරන ලදි .

ඔහු වසර 10ක පමණ සිට සනත් නිශාන්ත මහතා යටතේ රාජකාරී කළ අයෙක් බව වාර්තා වේ.

අනතුරින් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනරියදුරු පොලීසිය වෙත සිද්ධිය හෙළි කර ඇත්තේ මෙලෙසිනි.

හයිවේ එකේ අපිට ඉස්සරහින් ගිය කන්ටේනර් එක ඉස්සර කරන්න උත්සාහ කළ මොහොතේ එතකොටම මම දැක්කා පිටිපස්සෙන් තව කාර් එකක් එනවා. ඒ නිසා මම අපේ වාහනය වම් පැත්තට ගන්න හදනකොටම ජීප් එක කොන්ට්‍රෝල් නැතුව ගිහිං කන්ටේනර් එකේ වැදුණා. ඊට පස්සේ ජීප් එක වැටේ හැප්පිලා නතර වුණා. යනුවෙනි.
අනතුර සිදු වන අවස්ථාවේදී රථය පැයට කිලෝමීටර් 150 ඉක්මවන වේගයකින් ධාවනය කර තිබූ බවද වාර්තාවෙයි.

මේ අතර අනතුර සිදුවන අවස්ථාවේදී රියැදුරු මත්පැන් පානය කර සිටියේද යන්න සොයා බැලීම සඳහා කටුනායක අධිවේග මාර්ග රථවාහන පොලීසිය අධිකරණ වෛද්‍ය නිලධාරින්ගෙන් ඉල්ලීමක්ද කර ඇති අතර එම වාර්තාව ඉදිරි සතිය තුළදී ලැබීමට නියමිත බව පොලීසිය පවසයි.