ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහනායක ධුරයෙන් පිදුම් ලද බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුහ.
මෙම පුණ්‍ය මහෝත්සවය ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ විනාශයට පත් සමාජය යළි සුවපත් කරමින් සදාචාර සම්පන්න රටක් ගොඩනැඟීමේදී මෙරට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික සංස්ථාවට අත්හළ නොහැකි මහඟු වගකීමක් පැවරී තිබෙන බවයි.
ආර්ථික සහ දේශපාලන වශයෙන් කොපමණ ජයග්‍රහණ ලැබුවද යහපත් සමාජයක් නිර්මාණය කර නොගතහොත් එම කිසිවකින් ඵලක් නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙරට කඩා වැටී ඇති සමාජ දේහය යළි සුවපත් කිරීම නීතියෙන් පමණක් කළ නොහැකි බවත් සහකම්පනය සහිත සමාජයක් රට තුළ ගොඩනැඟිය යුතු බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා පුරවැසියාගේ යහපැවැත්ම වෙනුවෙන් බුදුන් වහන්සේ ඇතුළු සියලු ආගමික ශාස්තෘවරුන් දේශනා කළ විමුක්තියේ හරය පිළිබඳ ප්‍රබල කතිකාවතක් කඩිනමින් රටට අවශ්‍ය බවද වැඩිදුරටත් ප්‍රකාශ කෙරිණ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්

