Spread the love

අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 06ක මිල ගණන් පහළ දැමීමට ලංකා සතොස කටයුතු කර තිබේ.

ඒ අනුව පාන් පිටි, ලොකු ළූණු, රතු පරිප්පු, සුදු සීනි, කඩල හා දේශීය සුදු නාඩු සහල් මිල මෙලෙස අඩු කිරිමට පියවර ගෙන ඇත

ඒ අනුව පාන් පිටි 1Kg – රු.15 කින් අඩුකර ඇති අතර නව මිල රු.210 ක්ද, ලොකු ළූණු 1Kg – රු.14 කින්න අඩුකර ඇති අතර මිල රු.115 ක්ද, රතු පරිප්පු 1Kg – රු.11 කින් අඩුකර ඇති අතර නව මිල රු.314ක්ද, සුදු සීනි 1Kg – රු.10 කින් අඩුකර ඇති අතර නව මිල රු.229ක්ද, කඩල 1Kg – රු.05 කින් අඩුකර ඇති අතර නව මිල රු.545 ක්ද, දේශීය සුදු නාඩු සහල් 1Kg – රු.04 කින් අඩුකර ඇති අතර නව මිල රු.175 ක්ද වෙයි.