Spread the love

බිත්තර මිල වෙළද පොලේ ඉහළ ගියද ආයතනික බිත්තර මිලියන 6 ක් අද සහ හෙට වෙළද පොලට නිකුත් කරන බවත් අඩු මිලට සතොස හරහා ලබාදීමට පියවර ගන්නා බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසයි.

ශීතාගාරවල ගබඩා කර තිබුණු එම බිත්තර සතොස හරහා මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවද පැවසුවේය..

බිත්තර මිල රුපියල් 60 ට වැඩි අගයක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වෙළෙඳපොළේ බිත්තර මිල මෙසේ ඉහළ යාමත් සමග එය පාලනය කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් මත මේ පියවර ගත් බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.