Spread the love

සත්වෝද්‍යානය පාසල් දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දෙසැම්බර් 23 සහ 24 යන දෙදින නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

23 වන දින පාසල් දරුවන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇති අතර එදිනට ‘පාසල් දරුවෝ පරිසර නියමුවෝ’ යන තේමාව යටතේ දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ද සංවිධානය කර තිබේ0

මිට අමතරව 24 වන දින වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව ලබා දි ඇති බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ.