Spread the love

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් පසු සමග ජන බලවේග ආණ්ඩුවක් හදා තමන්ද ඇමති ධුරයක් ලබා ගන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

ඉන් පසුව කොළොන්නාව දියුණු කිරීමට තමන් කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

අද ජනතාව පිරි සිටින ආකාරයේ දුටු විට රැල්ල කොහේදැයි සිතාගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.

කොළොන්නාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය