Spread the love

එක සාමාන්‍ය සම්ප්‍රදාය හැටියට යන්නේ. නමුත් ඔබතුමා වගකීමෙන් කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔබතුමාගේ පැත්තේ ඉන්න නායකයින්ම කියනවා ඔබතුමා විතරයි ප්‍රශ්න අහන්නේ අපිට ඉඩ දෙන්නේ නැහැ කියලා. පසුපෙළ මන්ත්‍රීවරු කියනවා හැමදාම වෙලාව නාස්ති කරනවා ඒකට ඉඩ දෙන්න එපා කියලා. ඔබතුමා දන්නවා ඕක. ඔබතුමාගේ විපක්ෂයේ සංවිධායකතුමාගෙන් අහන්න බොරුද කියලා. අද සනත් නිශාන්ත මැතිතුමා පිළිබදව කතා කරන නිසා මේක විවාදයකට ගන්න එපා. ඔබතුමා ලබන සතියේ ඊලග සැසි වාරයේදී ගන්න අපි ඒ ගැන කතා කරමු. මම ඔබතුමාට යෝජනා කළේ ඊයේ වෙච්ච සිද්ධියේදී නිලධාරීන්ට ඒහෙම වුණාම මේ පාර්ලිමේන්තුව ගැන විශ්වාසයක් නැතිව යන නිසා. ඔබතුමා කතා කරන තරමට අපි කැමතිය. බොරු කියන්න ඕනෙ නෑ. ඒකෙ වාසිය එන්නේ අපිටයි. ඒක නිසා ඒකට අපි භාධා කිරීමක් කරන්නේ නැහැ.

විපක්ෂ නායක සජිත්ප්‍රේමදාස –

එතුමාට විතරක් නෙවෙයි මටත් අවස්ථාව දෙන්න. මම වගකීමෙන් කියනවා මේ වසර ආරම්භයේ සිට හිතා මතාම මේ ප්‍රශ්න දෙකක් අහන්න තියෙන අවස්ථාව මට දීලා තියෙන්නේ එක සතියයි. ප්‍රසන්න රණතුංග මැතිතුමාට ඕන කතාවක් කියන්න පුළුවන්. විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය මට තියෙනවා. මම මගේ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නේ නැහැ. මම නැවත මතක් කරනවා මේ ලේකම් කාර්යාලයේ නිලධාරීන් වගකීමෙන් කටයුතු කරන්න ඕන කියලා. අපක්ෂපාතීව කටයුතු කරන්න ඕන. ඒ විශ්වාසය නැති නිසා මම පිට හිටියත් සූම් එකෙන් සම්බන්ධ වෙනවා බිස්නස් කමිටි රැස්වීම්වලට. එතකොට තම තමන්ට ඕන විදිහට මිනිට්ස් හදන්න බැහැනෙ.

නියෝජ්‍ය කතානායකතුමා,

හොදයි පක්ෂ නායක රැස්වීමෙත්, පාර්ලිමේන්තු කාරක සභාවෙත් ඒ ගැන සාකච්ඡා කරමු.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී. පො. පෙ) –

ඔය තරම් උනන්දුවක් තියෙනවා නම් වගකීමෙන් සැසියට සහභාගී වෙන්න. එතකොට එතනදී කතා කරන්න පුළුවන්නෙ. මේ පාර්ලිමේන්තුවට වඩා වැඩි දෙයක් වෙන්න බෑනෙ. ඔබතුමා ඔච්චර උනන්දු වෙනවා නම් උදේ වරුවේ මෙච්චර වෙලාවක් ගත කරනවා නම් ඒකට සහභාගී වෙන්න. අපි එපැයි කියන්නේ නැහැ.