Spread the love

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ පොල්දුව මංසන්ධියේ අද රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබු අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔවුන් හමුවට ගියේය.

එහිදී විපක්ෂ නායක වරයා පැවසුවේ නිලධාරීන්ගේ අතපසුවීමක් හේතුවෙන් මෙම උපාධිධාරීන් 465 දෙනාට රැකියා අහිමිවී ඇති බවයි.

ඔහු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් දක්වා තිබුණු අතර ඉදිරියේදීද එම ගැටලුව මතුකරන බව ඔහු පැවසීය.