Spread the love

මුල්කිරිගල ගුණරත්න

ඉන්දීය ජාතික සංචාරක අඹු සැමි යුවළක් කිරින්ද මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිරින්ද පොලිසිය පවසයි .

ඊයේ (4) දහවල් 11 ට පමණ තම දරු දෙදෙනා සමග මුහුදු වෙරළට ගොස් දිය නාමින් සිටියදී මොවුන් දෙදෙනා රළ පහරට හසුව ගසා ගෙන ගොස් තිබේ.

දරුවන්ගේ කෑ ගැසීම ඇසී එක්‍ රොක්වූ ප්‍රදේශවාසීන් මුහුදේ ගසා ගෙන යමින් සිටි අඹු සැමි යුවළ ගොඩට ගෙන කිරින්ද රෝහලට ඇතුළත් කර තිබේ . ඉන්දීය ජාතික සංචාරකයා ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව තිබී ඇති අතර ඔහුගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සදහා දෙබරවැව මූලික රෝහලට යවා තිබේ .එහිදී ඇයද ජීවිතක්ෂයට පත්ව තිබේ .

මියගොස් ඇත්තේ හමීඩ් සහරාන් (35) සූකූර් ජම්බෝ (33) යන දෙදෙනාය . මරණ පරීක්ෂණය (5) හම්බන්තොට මහ රෝහලේදී සිදුකිරීමට නියමිතය .