Spread the love

මෙරට සංචාරයකට පැමණ සිටි ඉරාන ජාතික කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි රඹුක්කන ප්‍රදේශයේ ආයුර්වේද ආයතනයක සේවය කරන පුද්ගලයෙකුට එරෙහිව පැමිණිල්ලක් කර තිබේ.

කෑගල්ල පොලිස් ස්ථානය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

කාන්තාව මෙරට විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් සිටින අතර රඹුක්කන ප්‍රදේශයේදී ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථානයකට ගොස් ඇත.

ඇයට ඒ අවස්ථාවේ ප්‍රතිකර්ම කරන අතරතුර සැකකාර පුද්ගලයා විවිධ ලිංගික අතවර කළ බවට ඇය පොලිසියට පැමිණිලි කර තිබේ.

එ් අනුව එහි සේවය කළ වයස අවුරුදු 47ක පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමටද පොලිසිය කටයුතු කර ඇත.