නාගොඩ- සුමන
නිවසට පැමිණෙන සංඝනණ නිලධාරීන්ට නිවැරදි තොරතුරු ලබාදීමට කටයුතු කරන ලෙස සුබසාධන ප්‍රතිලාබ මණ්ඩපයේ කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා පැවසීය.
ඒ හරහා ප්රතිලාභ බලාපොරොත්තු වන පුද්ගලයන්ට සාධාරණයක් හිමිවන බව පැවසීය.
එම තොරතුරු ලබා ගැනීම සඳහා වසමේ ග්‍රාම නිලධාරියා පැමිණෙයි.
ග්‍රාම නිලධාරීයාට පැමිණීමට නොහැකි අවස්ථාවල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බලය පවරන පුද්ගලයකු පැමිණීමට නියමිත බව පැවසීය.
එම නිලධාරියාට සංඝනණ කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියී.
අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කර ඇති ප්රතිලාභීන්ගෙ තොරතුරු ලබා ගැනීමේ සංගණන කටයුතු අද (21) පෙරවරුවේ සිට ආරම්භ විය.
අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම් පත්‍ර ලක්ෂ 08 ආසන්න ප්‍රමාණයක් ලැබී තිබේ.
පළමු අදියර සඳහා ඉල්ලුම් පත්‍ර ලක්ෂ 37 ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති අතර ලක්ෂ 18 ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිලාබ ලබා ගැනීමට සුදුසුකම් ලබා ගැනිණි.
එම පුද්ගලයන් දැනට ප්රතිලාභ ලබාගන්නා බව කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.