Spread the love

ශීතකරණයේ ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් 07 හැවිරිදි පාසල් සිසුවෙකු මියයෑමේ අවාසනාවන්ත පුවතක් මාතර – දික්වැල්ල – දන්දෙනිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සිසුවාට විදුලි සැර වැදී තිබෙන්නේ සිය පැන්සල ශීතකරණය පිටුපසට වැටීමෙන් පසු එය නැවත ගැනීමට ගිය අවස්ථාවේදී එහි ඇති දැල් කොටස ස්පර්ශ වීමෙන්.

නිවසේ පැරණි විදුලි පද්ධතියක් සවිකර තිබීම හා එම අවස්ථාවේදී නිවසේ ප්‍රධාන පද්ධතිය ද විසන්ධි වීමක් ද සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.