Spread the love

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2888 කදී විභාගය පැවැත්වෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට තැපැල් මගින් මේ වනවිට යොමුකර ඇති බවත්, මෙතෙක් පැමිණීමේ ලේඛනය ලැබී නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ට එම ලේඛනය https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.