Spread the love

2023 ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අවස්ථාව ලබාදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දෙසැම්බර් 04 වනදා දක්වා ඒ සඳහා අයදුම් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති විසින් පාසල වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කර https://onlineexams.gov.lk/eic දරන වෙබ් අඩවියේ School Login වෙත පිවිස අභියාචනා ඉල්ලීම් ඉදිරිපත් කළ යුතුවෙයි…