Spread the love

“රෆා” පිවිසුම විවෘත්ත කර ද ඒ හරහා ගාසා තීරයේ සිටින විදේශිකයින්ට පිටව යාමට මෙතෙක් අවසර හිමිව නොමැති බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත නාවලගේ බෙනට් කුරේ මහතා පවසයි.

විදේශිකයින්ට ඉන් පිටවීම සඳහා අවස්ථාව ලැබීමෙන් අනතුරුව පමණක් එහි සිටින ශ්‍රි ලාංකිකයින් 17 දෙනා රැගෙන ඒමට හැකි වනු ඇත.
කෙසේවෙතත් ඊට අවශ්‍ය සියලු කටයුතු මේවන විටත් සම්පාදනය කර අවසන්..
මේ අතර ගාසා තී්රයේ සිටින ශ්‍රි ලාංකිකයින්ගේ ආහාර සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවලට මේ මොහොතේ මැදිහත් වීමට නොහැකි වෙයි.
එහෙත් ඔවුන්ට උපකාර කරන ලෙසට සංවිධාන දෙකකින් ඉල්ලීමක් කර ඇතිබව බෙනට් කුරේ මහතා වැඩි දුරටත් පැවසුවේය.