එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන “A” කණ්ඩායම් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා “A” කණ්ඩායම ජයගැනීමට සමත්විය.
ඒ ඇෆ්ගනිස්තාන “A” කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත්කරමිනි.
තරගයේ කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්තාන “A” කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන “A” කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 248ක් රැස්කළේය.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා “A” කණ්ඩායමේ දිල්ෂාන් මධුසංක කඩුලු 4ක් සහ මොහොමඩ් ෂිරාස් කඩුලු 02ක් බිඳ හෙළීමට සමත් විය.
ලකුණු 249ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා “A” කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 03ක් අවසානයේ කඩුලු 4ක් දැවි ලකුණු 249ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.
ශ්‍රී ලංකා “A” කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩාකළ නායක සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 129ක් රැස්කළේය.
තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේද නායක සදීර සමරවික්‍රමයි.
ලහිරු උදාර ලකුණු 81ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන “A” කණ්ඩායම වෙනුවෙන් කලීල් අහමඩ් කඩුලු 02ක් දවාගත්තේය.