Spread the love

ගෝලීය සමුද්‍ර සමුළුව සංවිධානය කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ශ්‍රී ලංකා රජයේ කෘතවේදීත්වය පල කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බව නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉන්දියාවේ මුම්බායි නුවර පැවති ⁣”ගෝලීය සමුද්‍ර සමුළුව ” අමතමින් ප්‍රකාශ කළේය.
මෙම සමුළුවේ සමාරම්භක අවස්ථාවට ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සූම් තාක්ෂණය ඔස්සේ සහභාගි විය..
සමුද්‍රීය ක්‍රියාකාරකම්, ව්‍යාපාර,සංස්කෘතිය සහ උරුමයන් සඳහා ආසියාවේ ප්‍රධාන ජව සම්පන්න ආර්ථිකයක් පවතින රාජ්‍යය ඉන්දියාව බව පැවසූ අමාත්‍යවරයා සමුද්‍රීය ආරක්ෂාව,සාමය සහ තිරසරභාවය පිළිබඳව මැදිහත්වන ලෙස ඉල්ලා සිටියේය.
සමුද්‍රීය වැඩපිළිවෙළහිදී කුඩා ‍ගොඩබිම් සහිත රටවල ජාතින්ට සමාන අවස්ථාවන් ලබා දීමට සහ සහතික කිරීමට නීති රීති,රෙගුලාසි සහ නවෝත්පාදනයන් ඇති කිරීම පිළිබඳව අමාත්‍යවරයා සමුළුවේ අවධාණය යොමු කරන ලදී .
සමුද්‍රීය සම්බන්ධතා, සමුද්‍රීය කර්මාන්ත සහ අනෙකුත් සමුද්‍රීය කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම කාලීන අවශ්‍යතාවක් ලෙස පැවති අවස්ථාවක මෙම “ගෝලීය සමුද්‍රීය සමුළුව ” පැවැත්වීම පිළිබඳව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉන්දීය රජය පැසසුමට ලක් කලේය.