Spread the love

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම එළඹෙන සතිය වනවිට සම්පූර්ණයෙන්ම ඉවත් වනු ඇති බව වාර්තා වෙයි.

තහනම ඉවත් කරගැනීම සඳහා නව ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා මේ වන විටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කරමින් සිටියි.

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ කවුන්සිලය සමග සාකච්චා වලදී ධනාත්මක පිළිතුරු ප්‍රතිචාර ලැබී ඇති බවයි.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ විධායක සභාවටත් නව ක්‍රීඩා ඇමතිවරයා ආරාධනා කර ඇති බව ද වාර්තා වෙයි.