නිමල් රාජපක්ෂ-
රට බංකොලොත් වී ඇති කාලෙක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස රට භාරගත්තා සේම රටෙහි අරගලයක් නිර්මාණය වී ඇති මොහොතක අමාත්‍යධූරය භාර ගැනීමට තමාට සිදු වූ බව වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
රට බංකොලොත් වී භාණ්ඩාගාරයේ මුදල් නොමැති අවස්ථාවක මෙසේ අමාත්‍යධූරය බාර ගැනීමට සිදුවීමත් සමගම විවිධ අභියෝග හා පීඩන මැද වර්තමානය වන විට යම් සාර්ථක ගමනක් ඒමට හැකියාව ලැබී ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටී.
ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් නිසි වෙලාවට නිවැරදි, සෘජු තීරණ ගැනීමට නොපැලිකෙන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ක්‍රිකට් ක්‍රීඩාවේ දැනට පැනනැගී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා 2020 ජනවාරි මස 8 වන දිනට සංශෝධිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ තුන්වන ඡේදය හා 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 39(03) වන වගන්තිය සමග කියවිය යුතු 41 නි වගන්ති යටතේ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සඳහා තාක්ෂණික උපදෙස් කමිටුවක් පත් කරන ලදී.
ඒ අනුව කමිටුවේ නිලධාරීන් හට නිල වශයෙන් පත්වීම් භාර දීම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී අද(11) දින සිදු කරන ලදී.

එහිදී 01.සනත් ජයසූරිය (කමිටු සභාපති),ෆාවිස් මහරුෆ් (කමිටු සාමාජික),.කපිල විජේගුණවර්ධන (කමිටු සාමාජික),චරිත් සේනානායක (කමිටු සාමාජික),05.අසංත ද මෙල් (කමිටු සාමාජික) යන මහත්වරු අදාල කමිටුවේ නිලධාරීන් වුහ.
ක්‍රීඩා ක්ෂේත්‍රයේ අති දැවැන්ත වැඩ කොටසක් කර ඇති මෙම කණ්ඩායම පිළිබඳව ඇති විශ්වාසයත් සමග මොවුන් සියලු දෙනා මෙම තනතුරු වලට පත් කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.
කමිටුව පත් කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.
පසුගිය කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ බැස්මක් මිස නැග්මක් දකින්නට ලැබුනේ නැහැ. පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් අප රට පිළිබඳව කලකිරීමකින් රට හැරදා ගොස් හමාරයි. එම කරුණ ඉතා කනගාටුදායක තත්ත්වයක්. ක්‍රීඩාවේ අභිවෘද්ධිය සදහා සහයෝගයක් ලබා ගැනීමට ඉතිරිව ඇත්තේ ඉතාම සීමිත පිරිසක්. ක්‍රිකට් ක්‍රීඩාව ගැන ආදරයක් ලෙන්ගතුකමක් සමග මෙම ක්‍රීඩාව ගොඩනැංවිය යුතුයි යන අදිටනින් වැඩ කටයුතු කරන ඉතා සුළු පිරිසක් අප වටා සිටිනවා. එම සුළු පිරිස අතරෙන්ද පිරිසක් දැනට පවතින ක්‍රමවේදය නිසා දැඩි කණගාටුවකින් ඉවත් වී සිටිනවා. ඔවුන් මෙම ක්‍රමවේදයේ ගැටලු නිසා කිසිම දෙයකට සහභාගි නොවී සිටිනවා. එවැනි මොහොතක මාගේ ආරාධනය පිළිගෙන මෙම කර්තව්‍ය සදහා සහාය දීමට මොවුන් සියලු දෙනා පැමිණීම ඉතා වටිනා ක්‍රියාවක්.
පසුගිය ආසියානු කුසලානය සහ ඕස්ට්‍රේලියානු සංචාරය සාර්ථක කරගැනීමට හැකියාව ලැබුණු නමුත් ඇතිවූ අඩුපාඩු පිළිබඳව, තාක්ෂණික කටයුතු හා ක්‍රීඩකයින් තේරීම් සම්බන්ධයෙන්ද සොයා බැලීම සඳහා මෙම තාක්ෂණික කමිටුව පත්කළ කළා.
විශේෂයෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් මම මහජනතාවට වගකිව යුතුයි. ජාත්‍යන්තර තරග වලට මුහුණ දීම සඳහා රටක් වශයෙන් ඉදිරියට යන්නේ කෙසේදැයි සොයා බැලීම සහ ක්‍රීඩාවේ ජයග්‍රහණය සඳහා මූලිකවම වගකිව යුත්තේ ක්‍රීඩා අමාත්‍යවරයායි. මෙම කාරණා නිසාවෙන් තාක්ෂණික කමිටුව පත්කළ අතර ඔවුන් ලබාදෙන උපදෙස් හරියාකාරව සොයා බලා ඒ අනුව කටයුතු කිරීමට කටයුතු කරනවා. ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයවත් වෙනත් රටක්වත් අපේ රටේ ක්‍රිකට් හදන්න එන්නේ නැහැ.
පසුගිය කාලයේ සිදු වූ සිදුවීම් ගත්කල ක්‍රිකට් ක්‍රීඩාවෙන් රටක් ලෙස අපි විශාල පසුබෑමකට ලක්ව තිබෙනවා. එම සියලු අභියෝග ජයගෙන මීළඟ ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සඳහා මුල සිට ගත යුතු පියවරයන් හදුනාගෙන යා යුතු ඉලක්කයන් ද සපුරමින් සියලු පාර්ශවයන් සමගින් මෙම කමිටුව සමගින් එක්ව කටයුතු කිරීම අපගේ අරමුණයි.