Spread the love

විදුලිබල පනත 2023 දෙසැම්බර් මස 07 වැනි දින ගැසට් කිරීමත් සමගම එහි පාරිශුද්ධ භාවය පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කරනු ලබයි. ඒ අතර දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ නොයෙකුත් සංවිධාන ඇතුළත් වේ.

ඉංජිනේරුවන්ගේ මහගෙදර වන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මේ අතර ඉතා ප්‍රබල ලෙස මතු කරන්නේ ඔවුන් සමග පැවති සාකච්ඡා සහ අවබෝධතා බිඳ හෙළමින් විදුලි බල ඇමැති වරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉඳිරිපත් කර ඇති නව විදුලි පනතේ තමන්ට පිළිගැනීමට නොහැකි කාරණා සමුදායක් ඇති බවයි.

මේ පිළිබඳව එම ආයතනයේ සභාපති වන මහාචාර්ය රංජිත් දිසානායක විසින් අමාත්‍ය කාංචන විජේසේකර වෙත නොවැම්බර් මස 29 වැනිදා යැවූ ලිපියේ මේ බව සඳහන් වේ.

එහිදී ඔහු විසින් විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධ කරුණු සහ නව පනතේ නීතිමය ප්‍රතිපාදන පිළිබඳව පිටු 11 කින් යුතු කරුණු 98ක් සඳහන් කරමින් පවසා ඇත්තේ එහි බොහෝ කාරණා වෙනස් විය යුතු බවයි.

මේ අතර ඔවුන් ඉල්ලා සිටින්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ අනුයාත සමාගමක් වන ලංකා ට්‍රාන්ස්ෆෝර සමාගමත් අලුතෙන් ස්ථාපනය කිරීමට යන සමාගමකට අනියුක්ත කරන ලෙසයි.

ඔහුගේ ලිපිය පහතින් දැක්වේ ..