Spread the love

නාගොඩ සුමන

අමෙරිකානු ජනාධිපති ධූරයට ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව ද සිය විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වඩාත් අවධානයකින් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන සහ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා පැවසීය.
අමෙරිකානු බල පෙරලියත් සමඟ ශ්‍රී ලංකාව චීනය සමඟ පවත්වන සබඳතා තුලනය කර ගන්නා ආකාරය පිළිබඳ වැඩි අවධානය යොමුකළ යුතුය.
මේ මොහොතේ චීනය සමඟ පවතින සබඳතා නව මුහුණුවරකින් පවත්වා ගැනීමට රජය කටයුතු කළයුතුය.
චීනය,ඉන්දියාව සහ ඇමරිකාව සමඟ දේශපාලනිකව සහ ආර්ථිකමය වශයෙන් යහපත් තිරසාර සම්බන්ධතා පැවතිම ඉතා වැදගත් බව වැඩිදුරටත් පැවසීය.