Spread the love

ශ්‍රී ලංකාව තුළ ප්‍රබල භූ කම්පන සිදුවීමට ඇති හැකියාව ඉතා අවම බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්‍යංශයේ තොරතුරු නිලධාරිනී භූ විද්‍යඥ නිල්මිණි තල්පෙ මහත්මිය පැවසූවාය.

රට තුළ සිදුවනුයේ රිච්ටර් මාපකයේ 05 වඩා අඩු සුළු භූ කම්පනය.

රටතුළ භූ කම්පනමාන 04ක් ස්ථාපිත කර තිබේ.

අම්බලන්ගොඩ ,හක්මන,පල්ලෙකැලේ සහ මහකනදරාව ප්‍රදේශ වල එම භූ කම්පනමාන සවිකර තිබේ.
භූ කම්පනයක් සිදුවූ විගස එම දත්ත එම භූ කම්පන මානවල සටහන් වෙයි.

භූ කම්පනයේ ප්‍රබලත්වය ,භූ කම්පන මානවල සිට කොපමණ දුරකින් සහ කොපමණ ගැබුරකින් ද යන්න සටහන් වන බව පැවසුවාය.

කඩිනමින් එම තොරතුරු ජනතාවට දැනුම් දීම සදහා භූ විද්‍යා හා පතල් කැනීම් කාර්‍යංශයේ විශේෂ මෙහෙයුම් මැදිරිය පැය 24 පුරා ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසුවාය.