Spread the love

තවත් වසර 12 ක් රට ගෙන යාමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉඩ ලබාදුනහොත් ආසියාවේ බලවත් රටක් බවට ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ පෙනී සිටිනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

එසේ නොකළ හොත් ජාතියක් ලෙස නරක තැනකට පත්වනු ඇති බවයි ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජාත්‍යන්තර බලවේගය සිතනුයේ ශ්‍රී ලංකාව පාලනය කළ යුත්තේ අදක්ෂයෙක් බවට බවත් එය නිදහසින් පසු දක්නට ලැබුණු අතර වසර 35 ක් තිස්සේ රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයාට බලයට ඒමට ඉඩ ලබා නොදුන්නේ ජාත්‍යන්තර බලවේග විසින් බවයි ඔහු සඳහන් කළේ.

එම බලවේග අදත් ක්‍රියාත්මක බවත් ඒවා පරාජය කිරීමට කටයුතු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.