Spread the love

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මජිඩ් මොස්ලේ (Maged Mosleh) මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (10) සිදුවිය.

මෙහිදී තානාපතිවරයා සහ ආණ්ඩුකාරවරයා අතර දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වු අතර, ඊජිප්තු රජයේ සහාය යටතේ ශ්‍රී ලංකා ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමේ ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වු අතර මෙහිදී තානාපතිවරයා සහ ආණ්ඩුකාරවරයා අතර දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වු අතර, ඵෛතිහාසික ඊජිප්තු – ශ්‍රී ලංකා සබදතා, ආගමික හා ජාතික සබදතාවයන් වැඩිදියුණු කර ගැනීම සදහා ගවේෂණයක් පිළිබඳවද අවධානය යොමු විය.

ඔරාබි පාෂා සංස්කෘතික මධ්‍යස්ථානය පිළිබදව සාකච්ඡා වු අතර ග්‍රාමිය ආර්ථිකය දියුණු කිරිම සදහා විශේෂ ව්‍යාපෘතියක් සකස් කිරිම සදහා මෙහදි මුලික සාකච්ඡාවක්ද සිදු විය.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වු අතර පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද මෙම අවස්ථාවට එක්වි සිටියාය.