මාර්තු නම වන දා පැවැත්වීමට නියමිතව තිබුණු පලාත් පාලන මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් ඇමරිකානු සෙනට් මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබද කමිටුවේ සභාපති බොබ් මෙමෙන්ඩේස් [Bob Menendez] සිය විරෝධය ප්‍රකාශ කර තිබේ.
ජනතාවගේ හඩ උදුරා ගැනීමට දරන ඕනෑම උත්සාහයක් ප්‍රජාතන්ත්‍රවිරෝධී බවත් එය ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව ඔහු පවසයි.
එබැවින් තවදුරටත් ප්‍රමාද නොකර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බව ඔහු ශ්‍රී ලංකා රජයට අවධාරණය කරයි.
පලාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර බ්ලූම්බර්ග් සගරාව පළකර තිබෙන ලිපියකට ප්‍රතිචාර දක්වමින් සෙනෙට් සභික බොබ් මෙමෙන්ඩේස් මේ බව ප්‍රකාශ කර තිබේ.
මීට පෙරද සෙනට් සභික මොබ් මෙමෙන්ඩේස් [Bob Menendez] ලංකාව සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණි.
රට බංකොලොත් බව ප්‍රකාශ කිරීමෙන් පසුව – අරගලය දියත්ව තිබුණු සමයේ දී – රාජපක්ෂවරු ජනතා දේපළ සොරා කා පොහොසතුන් වී ඇති බවට ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකරන ලද්දේද ඔහු විසිනි.