Spread the love

ශ්‍රී ලංකන් ගුවන් සමාගම තව දුරටත් පවත්වාගෙන යාමට නොහැකි නම් වසා දැමීමට සිදුවන බව වරාය නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කරයි.

සමාගමේ සේවකයන් පසුගිය කාලයේ සිදු කළ වර්ජන හේතුවෙන් සමාගමට තිබූ පිළිගැනීම බිංදුවට වැටී ඇති බවද පවසන අමාත්‍යවරයා ඒ හේතුවෙන් සමාගම නොමිලේ දුන්නද භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවන තත්ත්වයට පත්ව ඇතැයි පැවසීය.

මෙරට ගුවන් තොටු‍පොළ ගැනීමට අදානි සමාගම් පමණක් නොව රුසියාව චීනය ඇතුළු රටවල් කිහිපයක් බලාපොරොත්තුවෙන් සිටින බවද හෙතෙම අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.