Spread the love

ශ්‍රී දළදා ප්‍රදර්ශනය දැක බලා ගැනීම සඳහා මහනුවරට යන සැදැවතුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන පහසුකම් සපයන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ඒ අනුව, ලබන 18 වැනිදා සිට 28 වැනිදා දක්වා එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී පී.එස්. ආර්.ටී. චන්ද්‍රසිරි සඳහන් කළේ.

දිවයිනේ සෑම ප්‍රධාන නගරයකම සිට මහනුවර දක්වා විශේෂ ලංගම බස් සේවා ක්‍රියාත්මක වන බවත්, දළදා දැක්ම පැවැත්වෙන කාල සීමාවේදී පෞද්ගලික වාහනවල පැමිණෙන පිරිස් දළදා මාළිගාව සමීපයට රැගෙන යාම සඳහා මහනුවර ස්ථාන 04 ක සිට වටරවුම් බස් සේවාවක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

දළදා දැක්ම ලබන 18 වැනිදා පස්වරු 3.30 ට ආරම්භ වන අතර එදින පස්වරු 5.30 දක්වා එය පැවැත්වෙයි.

ඉන් අනතුරුව 19 වැනිදා සිට 28 වැනිදා දක්වා දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා දළදා දැක්ම පැවැත්වෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.