Spread the love


නිමල් රාජපක්ෂ-.

ශ්‍රී ජයවර්ධන පුර සුරාබදු නිලධාරීන් පසුගිය වසරේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදි තිති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් නීතියේ රැහැනට කොටුකර අධිකරණ වෙත ඉදිරිපත් කො ට හා බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවිකළ බලපත්‍ර ලාභීන්ගෙන් සමථ ගාස්තු අයකර රුපියල් හැත්තෑතුන් ලක්ෂ අසුදාස් හයසිය එකොළහක දඩ ආදායමක් රජයට ලබා දීමට සමත්වී ඇත.

මෙම සෝදීසි මෙහෙයුම් වලදි නීති විරෝධී මත්පැන් පෙරණ ස්ථාන 12 ක්, කසිප්පු ලගතබා ගැනිම් 300 ක්, රජයේ අරක්කු බලපත්‍ර නොමැතිව අලෙවි කළ ස්ථාන 12ක් ,විදේශ මත්පැන් අලෙවිකළ ස්ථාන 76 ක්, හෙරොයින් ළගතබාගත් 221 ක්, ගංජා ළගතබාගත් 192 ක්, අයිස් ලගතබාගත් 43 ක්, තීරු බදු නොගෙවු සිගරැට් ළග තබා ගත් 95 ක් , විකිණීම් 15 ක්, ගංජා වගාවක්ද කෙටුකර ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 967 දෙනකු වටලා අලුත්කඩේ ,හෝමාගම , කැස්බෑව ,ගංගොඩවිල යන මහේස්‍ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් 5977500 දඩ මුදලක් අයකරගෙන තිබේ.
හෝටල් ,ආපනශාලා රටබිම හල් ඇතුළු බලපත්‍ර ස්ථානවලසිදු කළ වැරදි සදහා කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත්229 ක් ඉදිරිපත්කොට අදාල බලපත්‍ර ලාභීන්ගේ පෙරවැරදි සලකා බලා සුරාබදු කොමාසාරිස් ජෙනරාල් වරයා වෙත ඉදිරිපත්කොට රුපියල් දාහතර ලක්ෂ තුන්දාස් එකසිය එකොළහ සමථ ගාස්තුවක් අයකර ගෙන තිබේ.
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ජයන්ත සිල්වා මහතාගේ උපදෙස් මත, සුරාබදු අධිකාරී පී.එන් .හේමන්ත මහතාගේ අධික්ෂණය යටතේ , ශ්‍රී ජයවර්ධන පුර සුරාබදු ස්ථානාධිපති ස්ථානාධිපති නන්දන පෙරේරා මහතාගේ මෙහෙයවිීමෙන් , පරීක්ෂක වරුන්වන එම් .එම් .එම් මහවත්ත , විජේරත්න, අමරතුංග, මහ සැරයන් පෙරේරා, කෝප්‍රල්වරුවන සමරකොන්, හර්ෂ කුමාර ,එල් .ආර් .පෙරේරා,පි.සී මානවඩු ,එම්.පි අරවින්ද , ලලත් ප්‍රියංකර , රාජපක්ෂ ,සුරිආරච්චි, මල්ලව ,කාන්තා සුරාබදු නියාමිකා,ප්‍රනාන්දු, රියදුරු රසාන්ත යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.