Spread the love

ශ්‍රිපාද වන්දනා කර නැවත යමින් සිටි වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් නොර්ටන් දියගල මාර්ගයේදි ප්‍රපාතයකට පෙරලිමෙන් එහි ගමන් ගත් එක් අයකු මියගොස් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව නොර්ටන් පොලිසියේ නිලධාරියකු පැවසිය.
රත්මලාන ප්‍රදේශයේ කාර්මාන්ත ශාලාවක සේවක පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමින ශ්‍රිපාදය වන්දනා කර නැවත ගම් බිම්බලා යන විට නොර්ටන් දියගල මාර්ගයේ සන්දේ කඩේ අසලදි අඩි 100ක් පමන ප්‍රපාතයකට මෙම බස් රථය පෙරලිමෙන් මෙම අනතුර සිදුව ඇත.
19වන දින රාත්‍රි 9.30ට පමන මෙම අනතුර සිදුව ඇති අතර මෙම අනතුරින් තුවාල ලැබුවන් වටවල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යාමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල රෝහලේ නිලධාරියනියක පවසන ලද්දේ එක් මල සිරුරක් තුවාලකරුවන් රෝහලට රැගනවිත් ඇති බවත් මෙයින් බරපතල තත්වයේ පවතින තුවාලකරුවන් නාවලපිටිය දිස්ත්‍රික් මුලීක රෝහල වෙත රැගෙන යාමට පියවර ගන්නා බවත්ය.