Spread the love

ඩුබායි රටේ විදුලි ඉංජිනේරැවරයකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයකු රිලවුන් ගෙන් හා වදුරන් සිදුවන හානිය වලක්වා ගැනිම සදහා නව උපකරණයක් නිෂ්පාදනය කොට තිබේ.
මෙම නව උපකරණය ඉංජිනේරු මනතුංග ශෙරාන් දීප්ති ජිවකාන්තද සිල්වා මහතා නිශ්පාදනය කර ඇති අතර මෙම උපකරණය පිළිබඳව ලුණුවිල ජාතික පොල් පර්යේෂණ ආයතනය මේ වනවිට එහි සාර්ථකත්වය පිළිබඳව පරිකෂා කිරිමේ කටයුතු නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කරයි .

රිලවුන්ගෙන් හා වදුරන්ගෙන් සිදු වන හානිය වළක්වා ගැනිම සදහා නිශ්පාදිත නව උපකරණය පිළිබඳව අදහස් දැක්වු ඉංජිනේරු මනතුංග මහතා ඒ පිළිබදව අදහස් දක්වමින් මෙසේ පැවසිය.

‘රිලවුන් වඳුරන් පලවාහරින උපකරණය නිශ්පාදනය කළේ ලුණු විල ජාතික පොල් පර්යේෂණ ආයතනයේ ඉල්ලීම මතයි. මම මීට පෙර වන අලි පලව හරින උපකරණයක් නිශ්පාදනය කළා.එය දැකලා වෙන්න ඇති රිලවුන් වඳුරන් පලවාහරින උපකරණයක් නිශ්පාදනය කරන්න ඉල්ලීමක් කරන්න ඇති .ලංකාවේ පොල් වගාවෙන් 30% වැඩි ප්‍රමාණයක් රිලවුන් වඳුරන් විසින් විනාශ කරනවා .ඒනිසා ඔවුන් පලවාහරින උපකරණයක් නිශ්පාදනය කරන්න කියා ඉල්ලීමක් කළා.ඒ අනුව මා විසින් ඒ සදහා පර්යේෂණ සිදු කර උපකරණයක් නිශ්පාදනය කරනු ලැබුවා.’