Spread the love

තෙවනවරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව,ප්‍රකාශ කර තිබේ.

සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් තමාගේ ජයග්‍රහණයෙන් පසු සුභ පැතුම් එක්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට ස්තූතිය පළකරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

සමීපතම අසල්වැසියා ලෙස ශ්‍රි ලංකාව ඉන්දියාව සමඟ හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරිමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිචාර දක්වා තිබේ.

මේ අතර තෙවනවරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන සෙනසුරාදා මීළඟ ධුර කාලයේ දිවුරුම්දීමට නියමිතව තිබේ.