Spread the love


නිමල් රාජපක්ෂ-

මෙරට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරිම සදහා චීන රජය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් කළබව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

එසේ අවබෝධතා ගිවිසුම් අත්සන් කලේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග චිනයේ කළ සංචාරයක ප්‍රථිපලයක් බවයි.

මෙරට මත්ස්‍ය නිෂ්පාදන සදහා චින රජයේ වෙළද පොළතුළඉහල ඉල්ලුමක් පවතින බවද ඇමතිවරයා පවසයි

මෙලෙස මත්ස්‍ය අපනයනය කිරිමට පෙර මහජන චින රජයේ රේගු පරිපාලනය මගින් මෙරට මත්ස්‍ය නිෂ්පාදන වල පවතින අවදානම විශ්ලෙෂණය ඉතා දිගු කලක සිට චින වෙළදපළ පුලුල් විම පිලිබද මෙරට මත්ස්‍ය අපනයන කරුවන් මහත් උනන්දුවෙන් පසු වු අතර මෙතෙක් මත්ස්‍ය විශේෂ 29 ක් පමණ චින විවෘත වෙළද පෙලට අපනයනය කිරිමට හැකියව තිබුණි.
මෙම ගිවිසුම නිසා ස්භාවික පරිසරයෙන් නෙලා ගන්නා සියලුම මත්ස්‍ය විශේෂ අපනයනය කිරිමේ හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.