Spread the love

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ආරාධනයට අනුව ආණ්ඩුවට සහය දැක්වීමට තීරණය කර බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී තිබේ.
 කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර භාර ගැනීම සම්බන්ධයෙන් (16) අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.