Spread the love

මැල්සිරිපුර සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයකු 01වන දින හදිසියේ ඇතිවු අසනිප තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

මේ පිලිබදව කරන ලද විමසිමකදි වැඩි දුරටත් අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මැල්සිරි පුර ප්‍රදේශයේ සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි වන්දනාකරුවන් අතර සිටි අවුරුදු 73ක් වයසැති එච්. එම්. ගුණතිලක යන අයට නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ ඉදිකටුපාන ප්‍රදේශයේදි හදිසියේ අසනිප තත්වයට පත්ව ඇති බවත්ය.

එසේ අසනිප තත්වයට පත්වු එම පුද්ගලයා ඉදිකටුපාන සිට නල්ලතන්නිය දක්වා රැගෙනවිත් නල්ලතන්නියේ සිට මස්කෙළිය රෝහලට රැගෙන ගිය බවත් එහිදි එම පුද්ගලයා පරික්ෂා කල වෛදවරුන් ඔහු මිය ගොස් ඇති බවට දැනුම් දුන් බවද එම නිලධාරියා පැවසිය.

මෙසේ මිය ගිය ගිය අයගේ මල සිරුර මේ වන විට මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර එසේ මිය ගිය ගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂනය එම රෝහලේදි පැවැත්විමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.