Spread the love

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය කල් දැමීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා පවසයි.

එහි ලේකම් පැවසුවේ අද (04) දහවල් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවය.