Spread the love

2024 වසරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන්කර ඇති රුපියල් බිලියන 410ක මුදලින්, බිලියන 180ක මුදලක් වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා වෙන්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

පසුගිය සමයේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද යම් පසුබෑමක් ඇතිවූ බවත්, නමුත් මේ වන විට එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට හැකි වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේය.

ඇමතිවරයා එසේ පැවසුවේ ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරින්ගේ වාර්ෂික හමුවට සහභාගි වෙමිනි

.