Spread the love

වෛද්‍යවරුන්ගේ හිඟය නිසා දැඩි අවදානමක පවතින හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය සායන ඉදිරි දෙසතිය තුළ වසා දැමීමට සිදුවනු ඇති බව ත් රෝහල පවත්වා ගෙන යාමේ පවා අවදානමක් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය.

එම රෝහලේ දැනට ඉතිරි වී සිටින ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනාත් ඉදිරි දෙසතිය තුළ රෝහල හැර යාමට නියමිත බවත් එක් වෛද්‍යවරයෙකු මේ වන විටත් සේවය හැර යාමේ ලිපි ලබා දී ඇති බව ත් එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.

අනෙක් ශල්‍ය වෛද්‍යවරයා ද ස්ථාන මාරුවක් ඉල්ලා ඇති අතර ස්ථාන මාරුව නොලැබුණහොත් ඉල්ලා අස්වීමට සූදානම්ව සිටින බව ද රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මීට අමතරව නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් වෛද්‍යවරයෙක් ඉදිරි දෙසතිය තුළ සේවයෙන් ඉවත් වන අතර අනෙක් වෛද්‍යවරයා ද රෝහල හැර යාමට නියමිත බව පැවසේ.

හම්බන්තොට මහ රෝහලේ ළමා රෝගී දැඩි සත්කාර ඒකකයට වෛද්‍යවරුන් හය දෙනෙකු අවශ්‍ය වුවත් මේ වන විට ඇත්තේ වෛද්‍යවරුන් දෙදෙනෙකු බැවින් ළමා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ළමා රෝගී අංශයේ වෛද්‍යවරයකුගෙන් කළ විමසීමකදී ඔහු කීවේ ය.

එමෙන් ම ගර්භණී මවුවරුන්ට අවශ්‍ය හදිසි ප්‍රතිකාර සහ ශල්‍යකර්ම විශාල අවදානමක් මධ්‍යයේ මේ වන විටත් සිදු කරන අතර එම ප්‍රතිකාර නිසි ක්‍රමවේදයට සිදු කිරීමට නොහැකි වුවහොත් ගර්භණී මවුවරුන් වෙනත් රෝහලකට මාරු කර යැවීමට සිදු වන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය.

හම්බන්තොට මහ රෝහලට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සියයට හැත්තෑවක් මේ වන විටත් රෝහල හැර ගොස් ඇති බැවින් මේ පිළිබඳව රෝහල හැරගොස් සිටින වෛද්‍යවරුන්ගෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ තමාට හිමි වැටුපට අධික ලෙස බදු අය කිරීම හේතුවෙන් ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදුව ඇති බැවින් මෙම තීරණය ගත් බව ය.

එමෙන් ම මේ හේතුව නිසා රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් දැඩි පීඩනයකට ලක්ව ඇතැයි ද හිඟ වෛද්‍යවරුන්ගේ සේවයත් දැනට ඉතිරි වී සිටින වෛද්‍යවරුන් විසින් කෙසේ හෝ ආවරණය කරනු ලැබීමට සිදු වී ඇති බැවින් දැඩි තෙහෙට්ටුව නිසා යහපත් මානසික මට්ටමක සිට ප්‍රතිකාර කිරීමට නොහැකි වී ඇති බව රෝහලේ දැනට සේවය කරන වෛද්‍යවරු සඳහන් කළහ.

නිර්වින්දන වෛද්‍යවරුන් නොමැති වූ විට හදිසි ප්‍රතිකාර සිදුකළ නොහැකි වන අතර දැනට දෙබරවැව මූලික රෝහලේ සහ ඇඹිලිපිටිය මහ රෝහලේ ද නිර්වින්දන වෛද්‍යවරුන් නොමැතිකමින් එම සේවාවන් සියල්ල අඩපණ වී ඇත.

ආසන්න රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකකය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් හදිසි අනතුරකට භාජන වන රෝගියෙකුට මූලික ප්‍රතිකාර කිසිවක් හම්බන්තොට මහ රෝහලේදී හෝ ආසන්න රෝහලකින් කර ගැනීමට නොහැකි වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය.

මීට අමතරව හම්බන්තොට මහ රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් හිඟ බව රෝහලේ ඖෂධ කළමනාකාරවරයෙකුගෙන් කළ විමසීමකදී සඳහන් කළේ ය.

ඉතා අත්‍යවශ්‍ය සමහර ඖෂධ අවට පෞද්ගලික වෙළෙඳසළවලත් නොමැතිකමෙන් රෝගීන්ට අහිමි වූ අවස්ථා ද වාර්තා වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.