Spread the love

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 278 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා සඳහන් කරයි

වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 15 දෙනෙකු සහ මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 37 දෙනෙකු මෙහිදි නිදහස් කිරීමට නියමිතය.

නිදහස ලබන සිරකරුවන් අතර කාන්තා රැඳවියන් 10 දෙනෙකු ද සිටින බව බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පැවසුවේය.

මේ අතර අද සහ හෙට දිනයන්හි බන්ධනාගාර ගත රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.