Spread the love

27 වන දින රාත්‍රී කාලයේදී හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී කාන්තාවකට සහ දැරියකට වෙඩි වැදීමකින් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී දැරිය මියගොස් ඇති බවට හෙට්ටිපොල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් අනුව විර්මශන ආරම්භ කර ඇත.

මියගිය දැරිය වයස අවුරුදු 09 ක් වූ මඟුලාගම, හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මියගිය දැරිය සිය මිත්තණිය සමඟ නිවසේ රැදී සිටියදී, අසල පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑකෝ ගසන ශබ්ද ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි වැදී ඇති බවට සිදුකරන ලද විර්මශනයේදී අනාවරණය වේ.

මිත්තණිය කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෘත ශරීරය කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අපරාධයට සම්බන්ධ බෝර 12 වර්ගයේ ගිනි අවිය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්‌ශන සිදුකරනු ලබයි.