Spread the love

හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ අද (04) දහවල් යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ ගෝලයෙකු ගමන් කරමින් සිටි කැබ් රථයකට එලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

වෙඩි වැදීමෙන් කැබ් රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා රෝහල්ගත කර ඇති අතර, එහිදී එක් අයෙක් මියගොස් ඇති බවත්, එලෙස මියගොස් ඇත්තේ, 31 හැවිරිදි නිරිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මන්නා රොෂාන්ගේ සහෝදරයා බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.