Spread the love

කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රී යේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු නිවසකට ඇතුළු වී වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඔහුගේ 08 හැවිරිදි දියණිය තුවා ලබා තිබේ.
එම වෙඩිතැබීම සිදුකිරීමෙන් පසු සැකකරුවන් පළාගොස් ඇති බව පොලීසිය කියයි.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 39 හැවිරිදි කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙකි.

අදාළ පුද්ගලයා සිය නිවසේ දරු තිදෙනා සමඟ රාත්‍රි ආහාරය ලබා ගනිමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එලෙස වෙඩිතබා ඇති බව පොලීසිය පවසයි.
ටී – 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට මෙතෙක් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බව සඳහන් .
සිද්ධිය පිළිබද පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.