Spread the love

මීගමුව ප්‍රදේශයේ අද (21) දහවල් සිදු කිරීමට ගිය වෙඩි තැබීමක් ව්‍යාර්ථ වී තිබේ.

මීගමුව පොලිස් බල ප්‍රදේශයේ කාමච්චෝඩය පොල භූමියේ පිහිටා ඇති වෙළෙඳසැලක හිමිකරුවෙක් මෙහි ඉලක්කය වී ඇති බවයි වාර්තා වෙන්නේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීමට උත්සාහ දරා ඇති නමුත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඔවුන් දෙදෙනා පළාගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.