Spread the love

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට අද (12) අලුයම පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙළෙඳසලක් කොල්ල කා එහි සිටි අයකැමිට වෙඩි තබා පළාගොස් ඇත.

වෙඩි තැබීමකින් එහි අයකැමි ලෙස සිටි තරුණියගේ උදරයට වෙඩි උණ්ඩ 3ක් වැදී තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර තිබේ.

කොල්ලකන ලද මුදල මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි